Thursday 22 December 2011

අනේ පව් මේ අහිංසක චූචි දීප්ති ගේ වෑයම!

දීප්ති කුමාර ගුණරත්න ගේ "ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය" ඊයේ ප්‍රකාශ කර ඇති පරිද්දෙන් එ.ජා.ප. යේ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඒගොල්ලන්ට කිසිම උනන්දුවක් නොමැත. ඒගොල්ලන් හඳුන් කූරු තරන් පහන් සිතින් මේ සටන් කරන්නේ 'පක්ෂයක් බේරා ගැනීමට' පමනය්ළු. ඒ ගොල්ලන් සජිත් ප්‍රේමදාසට විරුද්ධව, රනිල්ට හිතවත්ව දිගින් දිගටම ලියන්නේ එ.ජා.ප. ය කියන පක්ෂය බේරා ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන්ය. නමුත් එ.ජා.ප යේ නව ලිබරල් ප්‍රතිපත්තිය සහ ඔවුන්ගේ "පංති දේශපාලනය" අහසට පොලව වැනිලු.එ උනත් එය පක්ෂයක් නිසා එය රැක ගැනීම කල යුතුය්ළු. එම තර්කය අනුව කොතරම් දේශපාලනික වෙනස්කම් තිබුනත්, ඔබගේ දේශපාලනය සහ ඔවුන්ගේ දේශපාලනය අතර අහසට පොලව තරම් වෙනස්කම් තිබුනත්, මේ ගොල්ලන් පන්සිල් රකිනවා සේ ඔබගේ පක්ෂය රැක ගැනීමට උදව් කරනු ඇත. මේගොල්ලෝ එ තරන් හිත හොඳ කොල්ලන්ය (කෙල්ලන් ඉන්නවාද කියා හරියටම දන්නේ නැත - බාග විට කෙල්ලන්ට හිස්ටීරියාව හැදී තිබෙන්නට පුළුවන). මේ වගේ අහිංසක, පිවිතුරු, නිකැළැල් මිනිසුන් අපිට කොතරම් හය්යක්ද?

No comments:

Post a Comment