Saturday 7 January 2012

දීප්ති ගේ අවුරුදු සුභ පැතුම ගැන...


බලාපොරොත්තු වූ පරිදිම, දීප්ති කුමාර ගුණරත්න මහතාට මෙම බ්ලොග් අඩවිය පිළිබඳව 'ඇඟට දැනී' තිබේ. ඔහුට කොතරම් රිදී ඇතිද යනු, ඔහුගේ 'පක්ෂයේ' නිල වෙබ් අඩවිය සිය අලුත් අවුරුදු සුභ පැතුම තුල ඉලක්ක කර ඇත්තේ මෙම බ්ලොග් අඩවියය්! දීප්ති කුමාර ගුණරත්න මහතාට ඉංග්‍රීසි බසින් කතා කිරීමට හෝ ලිවීමට හෝ නොහැකි බව පවසනා විට ඔහු කෝපාවිෂ්ඨ වන බව අප දැනගෙන සිටියෙමු. ඒ නිසා මේ ප්‍රතිචාරය පිළිබඳව අප පුදුම වන්නේ නැත.නමුත් අප පුදුම වන්නේ මෙම ප්‍රතිචාරයේ ගුණාත්මක තත්වයටය්. දීප්ති ගේ සටන් ශෛලිය තුල මිනිසුන් විවේචනය කිරීමට සහ තමන්ගේ විවේචකයන්ට පිළිතුරු දීමට නිසඟ දක්ෂතාවයක් තිබේ.එය අපද පිලි ගනිමු. නමුත් අවාසනාවකට මෙන්, මෙම ප්‍රතිචාරය මගින් පෙනී යන්නේ, ඔහුගේ මෙම දක්ෂතාවයද ඔහුගෙන් ගිලිහෙමින් ඇති බවය්. 

සමස්තයක් ලෙස ගත විට දීප්ති ගේ තර්කය වන්නේ, ජිජැක් ද අනුන්ගේ අදහස් කොපි කරන බව සහ, එනිසාම මෙය ඔහුත් කලාට කම් නැති බවය්. අපූරුය! 

පළමුවෙන් කිව යුත්තේ, අප ජිජැක් ගේ පුද්ගලික ලේකම්වරුන් නොවන හෙයින්, ඔහු අනුන්ගේ අදහස් කොපි කරනවාද නැතිද යන්න සම්බන්දයෙන් අපට ගැටළුවක්  නොමැති බවය්. නමුත් අප කියවා ඇති පරිද්දෙන් නම්, එලෙසෙ ජිජැක් අනුන්ගේ අදහස්, තමන්ගේ අදහස් මෙන් කියනා තැන් හමු වී නොමැත. ඇරත්, ජිජැක් ගනුදෙනු කරනා බටහිර ඇකඩමියාව තුල ඔහුව කියවන්නේ සමන් පුෂ්පකුමාර හෝ අනූප නන්දුල වැනි 'එහෙය්යන්' නොව, ලොව සුපතල දාර්ශනිකයන්ය. ඔහු සම්බදයෙන් බොහෝ චෝදනා, විවේචන සහ නොඑකඟතාවයන් තිබුනද, ඔහු අනුන්ගේ අදහස්, තමන්ගේ මෙන් කියනවා කියා චෝදනාවක් අප මෙතෙක් අසා නොමැති වෙය්. මේ සඳහා ඔවුන් පැහැදිලි නිදර්ශන සපයන්නේනම් අපට මෙය සලකා බැලිය හැකි වෙය්. නමුත් මේ සඳහා ඔවුන් විසින් මෙවර සපයා ඇති නිදර්ශන දුටු විටනම්, බඩ අල්ලාගෙන, බිම පෙරලි පෙරලි සිනහ වීම හැර කරන්නට දෙයක් නොමැති වෙය්. 

පළමුවෙන්, යථ යන සංකල්පය ජිජැක් උපුටා ගන්නේ ලකාන්ගෙන් කියා නොදන්නා කෙනෙක් මෙලොව සිටිනාවාය කියා සිතා ගැනීමට අපහසු වෙය්. ජිජැක් තමන්ව හඳුන්වා ගන්නෙම 'ලකානියානුවෙක්' ලෙසය් (නිදසුනක් ලෙස ඔහු පිළිබඳව ඇති වාර්තා චිත්‍රපටයේදී, ඔහු අසන්නියකගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, තමා 'නාම පුවරුව අතින් එල්ලාගෙන සිටිනා ලකානියානුවෙක්' ‘[I’m a card-carrying Lacanian’]බව පවසය්). මෙම තතු යටතේදී, ඔහු එම සංකල්පය යොදන සාම තැනකදීම එය ලකාන්ගෙන් උපුටා ගත්තා කියා සඳහන් කිරීම කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකෙරේ. අපට ඉතා පැහැදිලිව දීප්ති කුමාර ගුණරත්න මහතාගෙන් අසන්නට ඇත්තේ, ජිජැක් කොතැනකදී හෝ මෙම යථ නම් සංකල්පය තමන්ගේ නිර්මාණයක් කියා පෙන්වීමට උත්සාහ කර තිබේද යන්නය්. කරුණා කර එවැන්නක් තිබේනම් අපට ඒ සඳහා මූලාශ්‍ර දෙන්න. එසේ නොමැතිව රට්ටු හිනස්සන්නේ නැතිව, තමන් ජිජැක් ගෙන් කොපි කල බව නිහතමානීව පිලිගන්න.

දෙවෙනුව, ආත්මය යන සංකල්පය ජිජැක් විසින් ඩෙකාට්ස්ගෙන් කොපි කර, ඒ බව සඳහන් නොකරන බව දීප්ති කුමාර ගුණරත්න මහතා චෝදනා කරය්! නියමය්! මේවා හොඳ වෙලාට සිංහලෙන් ලියවෙන්නේ.බැරි වෙලාවත් මේවා ජිජැක් කියෙව්වොත් එහෙම ඔහු සිනහ නතර කර ගැනීමට නොහැකිව, හුස්ම හිරවී මිය යනවා නොඅනුමානය. ජිජැක් ආත්මය පිළිබඳව දීර්ඝව පැහැදිලි කරනා The Ticklish Subject පොතේ ආරම්භක වාක්‍යය මෙයය්: A spectre is haunting Western academia, the spectre of the Cartesian subject.(Zizek, S., (1999) “The Ticklish Subject – The Absent Centre of Political Ontology, Verso, London, p 1)  මේ අනුව ඔහු පෙනී සිටින්නේ 'කාටිසියානු ආත්මය' (the Cartesian subject) වෙනුවෙන් බව පවසන විට 'කාටිසියානු' යන්නෙහි අරුත කුමක්ද? එනම් එය ඩෙකාට්ස්ගේ ආත්මය යන සංකල්පය බවය්. නැවතත්, කිව යුත්තේ මෙය 'ආත්මය' යන වදන යෙදෙනා සෑම තැනකම අමුතුවෙන් කිව යුතු නොවේ යන්නය. 

අවසාන වශයෙන්, දෘෂ්ටිවාදය විචාරය යන සංකල්පය ජිජැක් විසින් මාක්ස්ගෙන් කොපි කර ඇති බවට දීප්ති චෝදනා කරය්! මෙය දීප්ති  මොකක් හරි නට් ලූස් වී ලියූවක් විය යුතුය. ජිජැක් මෙහිදී තමාට මාක්ස් සඳහා ඇති ණයගැති බව කිසි ලෙසකින් සඟවන්නේ නොමැතිය. නිදර්ශනයක් ලෙස, ඔහුගේ ප්‍රථම ඉංග්‍රීසි භාෂා ග්‍රන්ථය වන The Sublime Object of Ideology හී ඔහු දෘෂ්ටිවාදය පිලිබඳ සාකච්චාව ආරම්භ කරන්නේ පහත අයුරිනි: “The most elementary definition of ideology is probably the well-known phrase from Marx’s Capital: ‘Sie wissen das nicht, aber sie tun es’ – ‘they do not know it, but they are doing it’”. (Zizek, S., “The Sublime Object of Ideology”, Verso, London, 1989, p 28)
දීප්ති කුමාර ගුණරත්න මහතා තර්ක කරන්නේ මෙම වචන තුන ලියවෙනා වාක්‍යක් වාක්‍යක් ගානේම මේවා ලකාන්ගෙන්, ඩෙකාට්ස්ගෙන් සහ මාක්ස්ගෙන් උපුටා ගත බව ලිවිය යුතු බවය්.මෙය අතිශය විකාර සහගත ඉල්ලීමකි.එවැන්නක් ශාස්ත්‍රාලීය සම්ප්‍රදාය තුල නොමැති වෙය්. එහිදී අපේක්ෂා කරන්නේ අනුන්ගේ අදහස්, තමන්ගේ මෙන් ප්‍රකාශ නොකිරීමය්. දීප්ති කුමාර ගුණරත්න මහතා ඉතා දැනුවත්ව මෙලෙස ජිජැක් ගේ අදහස් හොරකම් කර ඇති බව අප දැනටමත් පෙන්වා දී තිබේ. ඔහුගේ තවත් හොරකම් අප ඉදිරියේදීත් හෙළි කරමු.

අනෙක් අතට, අපි තර්කයක් ලෙස මොහොතකට පිළිගනිමු ජිජැක් යනුද, දීප්ති වැනිම, අදහස් හොරෙක් බව. මින් අදහස් වන්නේ එමනිසා එය අපටද කල හැකි බවද? මෙම තර්කය හරියටම සමාන වන්නේ, ඇමරිකාව සහ යුරෝපය ඇෆ්ගනිස්තානයේ යුධ අපරාද කර ඇති නිසා, අපටද එසේ කල හැකිය කියා තර්ක කරනා සිංහල ජාතිවාදීන්ටය. අහෝ! දීප්ති කුමාර ගුණරත්න මහතා වැටී ඇති වලක තරම. ඔබට සුභ අලුත් අවුරුද්දක්! 


Sunday 25 December 2011

Copy Cat Issue 2 - දීප්ති කුමාර ගුණරත්න ගේ ඔරිජිනල් ජෝක්ස්

ලංකාවේ ගායකයන් අනුන්ගේ ගී තනු හොරකම් කරනවායය් කියා මැරෙන්න දඟලන දීප්ති කුමාර ගුණරත්න ගේ හොරකම් අපි එළිදරව් කරන බව ඔබට පැවසුවෝය. පොරොන්දු වූ පරිදි මේ සතියේ හෙළිදරව්ව පහත පරිදි වෙය්.

'පෙරදිග සුළං' සඟරාව එළිදැක්වීමේදී ඔහු කල කතා හතරෙන් තුන්වැනි කතාවේදී ඔහු මෙවැන්නක් පවසය්: "දැන් ඕනම රටක, ඕනම ජාතියකට තියෙනවනේ ලිංගික කාර්යයන්. දැන්... ඉතාලිය වගේ රටක anal sex තමය් ඒගොල්ලන්ගේ ප්‍රධාන එක. දැන්, ස්පාඥයේනම් පුරුෂ ලිංගය තන් දෙක මැද්දේ තියල, එහෙම කරනවා. ඒක තමය් ඒගොල්ලන්ගේ ජාතික ක්‍රීඩාව. දැන් ඒ වගේම ඔය ස්ලෝවෙනියාවේ impotence. දැන් ලංකාවේ මොකද්ද ජාතික ලක්ෂනේ? ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය? ලංකාවේ සෙක්ස් සම්බන්දයෙන් ජාතික ප්‍රතිපත්තිය, මට හිතෙන්නේ මෙන්න මේ වගේ එකක් - නිදා ගන්නවා, තමන්ගේ සහකාරිය එක්ක නිදා ගන්නවා. යමක් උනා වගේ දෙයක් කරගෙන කරගෙන යනවා. ඒ කියන්නේ, හිතනවා, ඔලුව ඇත ගානවා, මොනවා හරි කරනවා. පහුවෙනිදා උදේට අහනවා අරගෙන්, තමන්ගේ සහකාරියගෙන්, 'ඊයේ මොනවා හරි උනාද?' 'ඔව් ඔව් මොනවා හරි උනා'. ඒක තමය ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය." (http://3mana.com/category/audio/)


ඇත්ත වශයෙන්ම මෙය දීප්ති නැවතත් ස්ලවෝය් ජිජැක් නම් දාර්ශනිකයගෙන් උස්සන කතාවකි. වඩාත්ම හිනා යන කාරණය වන්නේ ඔහු මේ හොරකමවත් හරියට නොකිරීමය්. මොකද, ජිජැක්ගේ විහිලුව ඔයිට වඩා ලස්සන වන හෙයිනි. එය මෙපරිදිය. නම් ස්විට්සර්ලන්තයේ තිබෙනා ආයතනයේ හේගල් පිළිබඳව දේශනයක් පවත්වමින් ඉන්න අතර තුර ජිජැක් විසින් මෙය සඳහන් කරන්නේ මෙසේය:

You know in Europe we have each nation – not every, but most of them – are identified with a certain sexual practice.  So, to be vulgar, if you say to your girl friend “let’s do it the Spanish way” it means the penis between the breast… At least in my country, and in Germany I know, if you say “let’s do it the Italian way” it means anal penetration… For us, the main idea is that Greek guys are mostly gay.

මෙවිට සභාවේ සිටිනා පුද්ගලයෙක්, විහිලිඋවට මෙන් ජිජැක් ගෙන් මෙලෙස විමසය්:
“What’s the Slovenian way?” (ඔහු ස්ලෝවේනියානු ජාතික දාර්ශනිකයෙකි).

තරමක් කල්පනා කර බලා ඔහු මෙයට පෙරලා මෙලෙසින් පිළිතුරු දෙය්:

Impotence. You do it half in sleep. Then basically you touch the girl half in dream, then after she awakens in the morning you try to convince her that something happen…

ඔන්න!
ගුණරත්න මහතාගේ නිර්මානශීලිත්වයේ දිග පළල. අඩුම තරමේ එම විහිලුවවත් හරියට කරන්නේ නැත. ඔහු ස්ලෝවෙනියාවේ ලිංගික ප්‍රතිපත්තියේ impotence කියා පවසන විට එය ජිජැක් විහිලුවට කියන දෙයක් බව නොපවසන හෙයින්, රටක ජාතික ලිංගික ක්‍රියාව  impotence වන්නේ කෙසේදය් පැහැදිලි නොකරය්.

කෙසේ උවත් ජිජැක් ගේ විහිලුව මෙතනින් අවසන් නොවන අතර එහි අවසානය පහත පරිදි වෙය්.

I was talking with some Swiss students and professors.  We entered the topic of what’s the Swiss way… Then I claim a very creative idea. You know what a Swiss army knife? This ten [tools coming in together]. Can you imagine a ‘Swiss army wife’? You know, like, masturbating with one hand, and [doing something else with the other, etc].  
 
දීප්ති ගේ කතා කට අරන් අහන ඉන්න දුප්පත් කොලු පැටවුන් කොතරම් මෝඩයන් පිරිසක් වෙය්ද කියා ඔබම තීරණය කරන්න.

මෙය දැක අසා ගැනීමට පහත පුරුක ක්ලික් කරන්න (http://www.youtube.com/watch?v=aR3vfHuOW38&feature=list_related&playnext=1&list=SP109D75E2790FE02E)