Sunday 25 December 2011

Copy Cat Issue 2 - දීප්ති කුමාර ගුණරත්න ගේ ඔරිජිනල් ජෝක්ස්

ලංකාවේ ගායකයන් අනුන්ගේ ගී තනු හොරකම් කරනවායය් කියා මැරෙන්න දඟලන දීප්ති කුමාර ගුණරත්න ගේ හොරකම් අපි එළිදරව් කරන බව ඔබට පැවසුවෝය. පොරොන්දු වූ පරිදි මේ සතියේ හෙළිදරව්ව පහත පරිදි වෙය්.

'පෙරදිග සුළං' සඟරාව එළිදැක්වීමේදී ඔහු කල කතා හතරෙන් තුන්වැනි කතාවේදී ඔහු මෙවැන්නක් පවසය්: "දැන් ඕනම රටක, ඕනම ජාතියකට තියෙනවනේ ලිංගික කාර්යයන්. දැන්... ඉතාලිය වගේ රටක anal sex තමය් ඒගොල්ලන්ගේ ප්‍රධාන එක. දැන්, ස්පාඥයේනම් පුරුෂ ලිංගය තන් දෙක මැද්දේ තියල, එහෙම කරනවා. ඒක තමය් ඒගොල්ලන්ගේ ජාතික ක්‍රීඩාව. දැන් ඒ වගේම ඔය ස්ලෝවෙනියාවේ impotence. දැන් ලංකාවේ මොකද්ද ජාතික ලක්ෂනේ? ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය? ලංකාවේ සෙක්ස් සම්බන්දයෙන් ජාතික ප්‍රතිපත්තිය, මට හිතෙන්නේ මෙන්න මේ වගේ එකක් - නිදා ගන්නවා, තමන්ගේ සහකාරිය එක්ක නිදා ගන්නවා. යමක් උනා වගේ දෙයක් කරගෙන කරගෙන යනවා. ඒ කියන්නේ, හිතනවා, ඔලුව ඇත ගානවා, මොනවා හරි කරනවා. පහුවෙනිදා උදේට අහනවා අරගෙන්, තමන්ගේ සහකාරියගෙන්, 'ඊයේ මොනවා හරි උනාද?' 'ඔව් ඔව් මොනවා හරි උනා'. ඒක තමය ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය." (http://3mana.com/category/audio/)


ඇත්ත වශයෙන්ම මෙය දීප්ති නැවතත් ස්ලවෝය් ජිජැක් නම් දාර්ශනිකයගෙන් උස්සන කතාවකි. වඩාත්ම හිනා යන කාරණය වන්නේ ඔහු මේ හොරකමවත් හරියට නොකිරීමය්. මොකද, ජිජැක්ගේ විහිලුව ඔයිට වඩා ලස්සන වන හෙයිනි. එය මෙපරිදිය. නම් ස්විට්සර්ලන්තයේ තිබෙනා ආයතනයේ හේගල් පිළිබඳව දේශනයක් පවත්වමින් ඉන්න අතර තුර ජිජැක් විසින් මෙය සඳහන් කරන්නේ මෙසේය:

You know in Europe we have each nation – not every, but most of them – are identified with a certain sexual practice.  So, to be vulgar, if you say to your girl friend “let’s do it the Spanish way” it means the penis between the breast… At least in my country, and in Germany I know, if you say “let’s do it the Italian way” it means anal penetration… For us, the main idea is that Greek guys are mostly gay.

මෙවිට සභාවේ සිටිනා පුද්ගලයෙක්, විහිලිඋවට මෙන් ජිජැක් ගෙන් මෙලෙස විමසය්:
“What’s the Slovenian way?” (ඔහු ස්ලෝවේනියානු ජාතික දාර්ශනිකයෙකි).

තරමක් කල්පනා කර බලා ඔහු මෙයට පෙරලා මෙලෙසින් පිළිතුරු දෙය්:

Impotence. You do it half in sleep. Then basically you touch the girl half in dream, then after she awakens in the morning you try to convince her that something happen…

ඔන්න!
ගුණරත්න මහතාගේ නිර්මානශීලිත්වයේ දිග පළල. අඩුම තරමේ එම විහිලුවවත් හරියට කරන්නේ නැත. ඔහු ස්ලෝවෙනියාවේ ලිංගික ප්‍රතිපත්තියේ impotence කියා පවසන විට එය ජිජැක් විහිලුවට කියන දෙයක් බව නොපවසන හෙයින්, රටක ජාතික ලිංගික ක්‍රියාව  impotence වන්නේ කෙසේදය් පැහැදිලි නොකරය්.

කෙසේ උවත් ජිජැක් ගේ විහිලුව මෙතනින් අවසන් නොවන අතර එහි අවසානය පහත පරිදි වෙය්.

I was talking with some Swiss students and professors.  We entered the topic of what’s the Swiss way… Then I claim a very creative idea. You know what a Swiss army knife? This ten [tools coming in together]. Can you imagine a ‘Swiss army wife’? You know, like, masturbating with one hand, and [doing something else with the other, etc].  
 
දීප්ති ගේ කතා කට අරන් අහන ඉන්න දුප්පත් කොලු පැටවුන් කොතරම් මෝඩයන් පිරිසක් වෙය්ද කියා ඔබම තීරණය කරන්න.

මෙය දැක අසා ගැනීමට පහත පුරුක ක්ලික් කරන්න (http://www.youtube.com/watch?v=aR3vfHuOW38&feature=list_related&playnext=1&list=SP109D75E2790FE02E)

Thursday 22 December 2011

දීප්ති ගේ අතීත සටහන් ...

සිංහල ජාතිවාදී ඝාතකයන් අතින් ඝාතනය වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් වරක් දීප්ති කුමාර ගුණරත්න මුණ ගැසීමට රත්මලානේ ඔහුගේ සංවිධාන මූලස්ථානයට පැමිණියේය. ලංකාවේ පළමු නාගරික විප්ලවවාදී ව්‍යාපාරයේ නායකයා ලෙස තමන්ව හඳුනවා ගන්නා, වික්ටර් අය්වන් ට ඉංග්‍රීසි බෑ කියා සිනා සෙන, ලන්ඩන් කියා නමක් දාගෙන සඟරාවක් මුද්‍රණය කල දීප්ති සමග, දමිල ජාතිකයකු වන තමාට බිය සක නැතිව ඉංග්‍රීසියෙන් කතා කල හැකිය කියා සිතු රවිරාජ්, සාකච්චාව ඉංග්‍රීසි බසින් ආරම්භ කළේය. ටික වෙලාවකින් දීප්ති "අ............ අ.............." කියා ඇඹරෙන්න ගත්තේ ඔහුට ඉංග්‍රීසියෙන් එක වැකියක් හෝ හරියට ගැට ගසා ගත නොහැකි වූ බැවිනි. අවසානයේදී හිත හදා ගත් රවිරාජ් සිංහලෙන්ම කතාවට බැස්සේය.

අනේ පව් මේ අහිංසක චූචි දීප්ති ගේ වෑයම!

දීප්ති කුමාර ගුණරත්න ගේ "ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය" ඊයේ ප්‍රකාශ කර ඇති පරිද්දෙන් එ.ජා.ප. යේ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඒගොල්ලන්ට කිසිම උනන්දුවක් නොමැත. ඒගොල්ලන් හඳුන් කූරු තරන් පහන් සිතින් මේ සටන් කරන්නේ 'පක්ෂයක් බේරා ගැනීමට' පමනය්ළු. ඒ ගොල්ලන් සජිත් ප්‍රේමදාසට විරුද්ධව, රනිල්ට හිතවත්ව දිගින් දිගටම ලියන්නේ එ.ජා.ප. ය කියන පක්ෂය බේරා ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන්ය. නමුත් එ.ජා.ප යේ නව ලිබරල් ප්‍රතිපත්තිය සහ ඔවුන්ගේ "පංති දේශපාලනය" අහසට පොලව වැනිලු.එ උනත් එය පක්ෂයක් නිසා එය රැක ගැනීම කල යුතුය්ළු. එම තර්කය අනුව කොතරම් දේශපාලනික වෙනස්කම් තිබුනත්, ඔබගේ දේශපාලනය සහ ඔවුන්ගේ දේශපාලනය අතර අහසට පොලව තරම් වෙනස්කම් තිබුනත්, මේ ගොල්ලන් පන්සිල් රකිනවා සේ ඔබගේ පක්ෂය රැක ගැනීමට උදව් කරනු ඇත. මේගොල්ලෝ එ තරන් හිත හොඳ කොල්ලන්ය (කෙල්ලන් ඉන්නවාද කියා හරියටම දන්නේ නැත - බාග විට කෙල්ලන්ට හිස්ටීරියාව හැදී තිබෙන්නට පුළුවන). මේ වගේ අහිංසක, පිවිතුරු, නිකැළැල් මිනිසුන් අපිට කොතරම් හය්යක්ද?

Copy Cat Issue 1 - දීප්ති කුමාර ගුණරත්න ගේ ඔරිජිනල් අදහස්

ලංකාවේ අදහස් හොරුන් හෙවත් වෙනත් දාර්ශනිකයන්ගේ අදහස් ඔවුන්ව උපුටා දක්වන්නේ නැතිව තමන්ගේ සිතට නැගෙන සිතුවිලි සේ සිංහලෙන් කියලා දාන යට ගැලපෙන සුදුසුම වචනය සොරා යන්න හැර වෙන කුමක්ද?
නමුත් නිකම්ම නකමි සොරුන් හා මේ සොරුන් අතර ඇති ප්‍රධානතම වෙනස වන්නේ මේ හොරුන් බුද්ධිමය දේපල මංකොල්ලකරුවන් වීමය. 


දීප්ති කුමාර ගුණරත්න, එයා ගේ පෙර දිග සුළං සඟරාව එළිදක්වීමේ අවස්ථාව වෙනුවෙන් පැවැත්වූ ප්‍රසිද්ධ දේශනයකදී මෙහෙම කියනවා: "අඩුම ගානේ මීට අවුරුදු 20 ට ඉස්සෙල්ල මිනිස්සු කතා කළා අපේ අනාගතය ධනවාදීද සමාජවාදීද.. අඩුම තරමේ ඔය ප්‍රශ්න දෙක කතා කළා..." (බලන්න 'පෙර දිග සුළං සඟරාව එළිදක්වීමෙහි සාකච්චාවේ' පලවෙනි දේශනය http://3mana.com/category/audio/ ).

මෙම අදහස අමු අමුවේ ස්ලවෝය් ජිජැක් නම් දාර්ශනිකයා විසින් සංස්කරණ කල කෘතියේ Mapping Ideology  ඔහු විසින් ලියු හැඳින්වීම ආරම්භ කරනා දෙවැනි වැකියය්.  


අනුන්ගේ අදහස් හොරකම් කරනා අප මහා බෝසතාණන් වහන්සේ වන දීප්ති කුමාර ගුණරත්න ගේ සියලු හොරකම් පිළිබඳව අප සතු වන අතර ඉදිරියේදී මේවා හෙළිදරව් කරන්නට අප අදහස් කරමු.